වෙලාවකට හිතෙන එකම දේ ඇයි මිනිස්සු මිනිස්සුන්ව තේරුම් නොගන්නේ කියලා.
කෙනෙක් ගේ ජීවිතේ මේ තරම් අපහසුතා තියෙද්දි තම අරමුණ ඉෂ්ට කර ගන්න ඇයි මේ තරම් වෙහෙසෙන්නේ.
"අපි එනවා"
"කොහෙද?"
" ඔයාගේ ගෙදර "
"අර මොකෝ....😳"
" ඇවිත් යන්න , ගෙවල් දොරවල් බලන්න"
" මොකක්, ගෙවල් දොරවල් බලන්න .
අහවල් දේකටද ? " 😏
" නෑ ඉතින් ඇවිත් නෑනී"
" අනේ මෙහ්. උබලට ට්‍රිප් යන්න ඕනි නම් යනවකු වෙන කොහේ හරි , අපේ ගෙදර ඇවිත් බලන්න දෙයක් නෑ 😬😬 "
" ඔයා ඉන්නවා නී ගෙදර "
" මං නම් මේ මෙතනත් ඉන්නේ (මල සමයං) "
" ඇයි ඔයා අහවල් දවසේ එනවට අකමැති ඔච්චරම "
" ඇයි හත්වලාමේ, මිනිස්සු න්ට ප්‍රශ්න නැද්ද... මේ ටිකේ ගෙදර ප්‍රශ්න ඒකයි."
" අපෝ..... උබ අපි එනවට අකමැති නේද?
" කැමති විදියට හිතා ගන්න අනේ...
කියන නාහන එකා උඩින් ගියත් බිමින් ගියත් මට මොකෝ"
" උබ නම් කුණියක්."
" වෙන්න ඇති බම්.... දන්නෑ ස්තුතී මතක් කලාට "
" තොපිට වහින්නෑ නේද"
" අහ්.... 😳 ඔය කීවේ තක්කෙටම... කෝමද දැන ගත්තේ..."
" අපි නාන්ඩ එන්නේ නෑ "
" නාන්න ආවත් දෙන්න වතුර නෑ"
( මුන්ට කියන සිංහල නොතේරෙන බබ්බුද මංදා 😡😡😡😡 ප්‍රශ්නය ක් නිසානී කියන්නේ.මෝඩයෝද?)
ජීවිතේ එකෙක්ට විනෝදයක් වෙන දේ තව කෙනෙක් ට ජීවිතේ තියෙන ලොකුම අපහසුව වෙන්න පුලුවන් . කෙනෙක් ට බලපෑම් කරන්න කිසිම කෙනෙක් ට අයිතියක් නෑ..
අපි ජීවත් වෙන මේ සමාජයේ අනෙකාගේ අපහසුතා ත් පොඩ්ඩක් තේරුම් අරං ජීවත් වෙන්න උත්සහ කරමු.
සුභ දවසක්...!!!

