බැඳීම් නිසාම අපි කොච්චර අසරණ වෙනවද? මං හිතන්නේම බැඳීම් තුළ මං හිර වෙලා නෑ කියලා මයි. ඒත් මං මහා පුදුම විදියට බැදීම් වල හිර වෙලා. ඒක හරි වදයක් සත්තකින්ම 😒😒😒.
"ලොකු,ගමෙ අම්මාට ෆෝන් එක දෙන්න"
"එයා කෝල් එකක්, ගමේ සීයට දෙන්නද්?"
"එයාව වැඩක් නෑ,අම්මා ට දෙනවකෝ"
(ගමේ අම්මෙ,පුංචි කෝල්...) අනෙක් පසින් ඇසේ..
පපුව හරි වේගෙන් ලබ් ඩබ් ලබ් ඩබ්...
තප්පරයට සීයක වේගයෙන් ගැහේ....
අම්මා එක්ක වල් පල් දොඩවලා ශේප් එකේ.
"මෙහ්, කැන්සර් වලට ඉවෙන්ට් එකක්"
"ඉතින්..."
" කොණ්ඩේ කපන්න කියලා විග් හදන්න"
"කොණ්ඩේ කපන්න😱😱😱"
අම්මා හීල්ලුවේ හරි යට බෙල්ල කපන්න යනවා වගේනේ 😶😡🔫🔫
පසු පසින්.... තාත්තා ගජරාමෙට දෙසනවා... අම්මෝ...
"මෙහ්, කට වහගෙන ෆෝන් එක තියාන් තාත්තා ගේ පෙෂර් වැඩි නොකර" ඒ සුපුරුදු අම්මා ය ☺️☺️☺️
"අනේ ඉතින් පින් අතේ වැඩක් නෙහ් අම්මා " නහයෙන් ඇඩුවේ මමය 😭😭😭
"නෑ නෑ ඕනි නෑ... පින් අතේ වැඩ වලට ඕනි තරම් දේ තියේ කරන්න "
" අයියූ අම්මා..."
"මෙහ් කොණ්ඩේ කොටටම කපන්න වෙනවා.එපා එපා 😡😡😡"
"අඟල් අටක් නෙ අෆ්ෆා...ඕක මොකක් ද අනේ☺️☺️"
"ගෙදර එන්න එපා ඒ නම්"
"හපෝ මේම නපුරු අය 🔫🔫🔫😕"
උදේ පාන්දර බැනුම් අහගෙන ඉන්නවා දැන් .
මට මාව අයිති නැති හැටියක්. ලේ දෙන්න ගියත් ඔහොම්මම යි. ඇයි ඒ කියලා තාම හිතා ගන්න බෑ...
කමක්නෑ දවසක මං දෙනවා කොණ්ඩේ . මාත් වැනෙන්නේ මමත් හිත හදාන නැති නිසානී.
😭😭😭😭
🌹🌹🌹💣
#මිතුලි









