බිත්ති කපරාදුවේ

බිත්ති කපරාදුවේ රාමු කළ රූපය
දකින වාරයක මගේ හද ගැහෙන
හිත නැවතුනා තැනක හැමදාම
අතරමං වුනා මං ඔබ නැතුවාම

මතක පත ටික ටික දිග හැරෙන
නොදැනිම හීන එකිනෙක අවුලන
සුසුම් මත සුසුම් හෙමිහිට හෙලන
පුදුම ජීවිතයකි මේ මටම ලැබුණ

නුබ ළඟ නැතුවම ගත වන
තප්පර යද කල්පයකි දැනෙන
නුබ නොදන්න මගේ හද ගැස්ම
මම ම විදිමි විදවමි ජීවිත යම

🌹🌹🌹💣
මිතුලි

You Might Also Like

0 comments