සුළඟ සුළඟ හමාපන් මෙහෙට

සුළඟ සුළඟ හමාපන් මෙහෙට 
හයියෙන් හයියෙන් හතර අතට මගේ ලඟට 
රැගෙන පලයන් මගේ ආලය 
ගොහින් කියපන් මා ඇයට පෙම් බැඳී බව

ඇය මගේ මුළු ලොවම බව 
මගේ ආලය මුළු ලොවට වැඩි බව
ඈගේ මරතොඩි මා හද රටා මැවූ බව
මා හද රාමායනයේ තිලක ලත් සිතා ඇය බව

මා පෙම් ටජ්මහලේ ඇය මුම්ටාස් බව
මා ඇයට පෙම් බඳින රෝමියෝ බව
මා සිහිනයේ රාධා ඇය බව
ගොහින් කියපන් සුලන්ගේ හනිකට.



special thanks #Ravishka Wickramasinghe



You Might Also Like

0 comments