විදිමි සිතින් පහස රස කර
පිණි වැටුණු තණ බිස්සක
සුමුදු දෙපා පොඩි තබා යන
හිමිදිරියේ හිරු කිරණක සුව
විදිමි සිතින් පහස රස කර කර
ඉමිහිරි ගී නදින් වටකර
ඇසෙයි සවන් පිනවමින
දැනේ මසිත පිබිදෙන බව
විදිමි සිතින් පහස රස කර කර
දෙවට දිගෙන් ඇසෙන හිනා කැන්
ගුරු තුරුලට යන ළමා සිඟිති
ගියා මමත් මතකය සොයා
විදිමි සිතින් පහස රස කර කර
කඩ මංඩිය ළඟ කොනක
දාන් අතකි කහට කෝප්පය සමඟ
දිග හැරුණු අතීත චිත්‍ර
විදිමි සිතින් පහස රස කර කර



මිතුලි


0 comments